• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

ගොඩනැගිලි අනුමත කිරීම්

වීථි රේඛා සහතිකය

වීථි රේඛාවක් යනු අනාගතයේදී මාර්ග පුළුල් කිරීමට හෝ අළුතින් ස්ථාපනය කිරීමට යෝජිත බිම් තීරුවයි.
මෙම වෙන් කරන ලද බිම් තීරුව පුද්ගලික ඉඩම් වලින් යන ප්‍රමාණය පිළිබඳ සටහන් කර දෙනු ලබන සහතිකයයි.

ගොඩනැගිලි රේඛාව

ගොඩනැගිල්ලක් සෑදීමේදී මාර්ගයේ සිට තැබිය යුතු ඉඩ ප්‍රමාණය පිළිබඳව දෙනු ලබන සහතිකයයි.
මෙම වෙන් කරන ලද බිමි ප්‍රමාණය තුල කිසිදු ඉදිකිරීමක් කල නොහැක.

ලබා ගැනීමේදී ඉදිරිපත් කල යුතු ලියකියවිලි.

1.අදාල කාර්තුවට ගෙවන ලද වරිපනම් බිල (අයතිකරුගේ නම සඳහන් විය යුතුය)
2.බිම් කට්ටි සැලැස්මේ පිටපත් 2 (නියමිත ප්‍රමාණයේ විය යුතුය)
3.මේ සඳහා රු. 284.60 ගෙවිය යුතුය.

අනුකූලතා සහතිකය

අනුකූලතා සහතිකය යනු නීත්‍යානුකූල අනුමැතිය ලබාගත් ගොඩනැගිල්ල සාදා ගැනීමෙන් පසු එහි පදිංචිය නීත්‍යානුකූල කර ගැනීම සඳහා ලබා දෙන සහතිකයයි.
මෙහිදි අනුමත සැලැස්මට අනුව ගෙඩනැගිල්ල සාදා තිබේද යන්නද පරීක්ෂා කරනු ලැබේ.
ගොඩනැගිල්ල විකිණිමේදී හා ණය මුදලක් ගැනීමේදී මෙම සහතිකය ඉතාවැදගත් වනු ඇත.

අවශ්‍ය ලියකියවිලි

01 අයදුම්පත නොමිලේ ලබා ගත හැක.

02 අනුමත වීමෙන් පසු අනුමත සැලසුමට වෙනස්ව ගොඩනැගිල්ල සාදා තිබේනම් ඒ සඳහා සංශෝධන ගාස්තු ගෙවිය යුතුය.

03 ගොඩනැගිලි බලපත්‍රය වලංගු වන්නේ එක් අවුරුදු කාල සිමාවකට බැවින් එයට වැඩි කාලයක් ගත වී ඇත්නම් ඒ සඳහා එම අවුරුදු ගණනට ගෙවිය යුතුය‍.

04 ගෙබිමේ වර්ග ප්‍රමාණයට අනුව නේවාසික ගොඩනැගිලි හා වාණිජ ගොඩනැගිලි වලට අය කිරීම සිදු කරනු ලබයි. එසේම ගාස්තු අය කිරීමේදී නේවාසික හා වාණිජ පදනම මත ගාස්තු අය කිරීම සිදු කරයි. එනම්, නේවාසික දේපල සඳහා 1-300 m2 සඳහා රු. 3000/- ක් සහ වැඩිවන වර්ග මීටරයට රු. 10/- බැගින්ද, වාණිජ දේපල සඳහා 1-100 m2 සඳහා රු. 3000/- ක් සහ වැඩිවන වර්ග මීටරයට රු. 20/- බැගින්ද, අය කිරිම්ද වේ.(NBT + VAT)

ගොඩනැගිලි බලපත්‍රය.

තමන්ට අයිති ඉඩමේ යම් සංවර්ධන කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන් එම ගොඩනැගිල්ල සඳහා දෙනු ලබන සහතිකය ගොඩනැගිලි බලපත්‍රය වේ.
එය අනුමත කර ගැනීමෙන් පසු තමන්ගේ නිත්‍යානුකූල අයිතිය තහවුරු වන අතර, එහි සංවර්ධන කටයුතු කිරීමටද නිත්‍යානුකූල අයිතිය ලැබේ.
එමෙන්ම ගොඩනැගිල්ල විකිණීමේදී මෙම අනුමැතිය අත්‍යවශ්‍ය වන්නාසේම ණය මුදලක් ලබා ගැනීමේදී ද මෙම අනුමැතිය ඉතා වැදගත් වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුව, අනුමැතිය ලබා දීම සිදු කරනු ලබයි.
ගොඩනැගිලි අයදුම්පත් සමඟ අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු එම අනුමැතිය ලබා ගත හැක.
රු. 351.90 ක් ගෙවිමෙන් පසු අයදුම් පත්‍රය ලබා ගත හැකි අතර ඉදිරිපත් කිරීමෙන් පසු බිම් ප්‍රමාණයට අනුව ගෙවීම් කල යුතුය.

බිම් කට්ටි සැලසුම් අනුමත කිරීම.

තමන්ට අයිති භූමිය සංවර්ධන කටයුතු කිරීමට ප්‍රථමයෙන් එම භූමියේ සැලසුම්පත අනුමත කර ගත යුතුවේ. බිම් කට්ටි සැලසුම සුදුසු කම්ලත් මිනින්දෝරු මහතකු ලවා සකස් කර ගත හැක.
එය අනුමත කර ගැනීමට තමන්ගේ භූමියේ අයිතිය තහවුරු වන අතර එහි සංවර්ධන කටයුතු කිරීමටද නිත්‍යානුකූල අයිතිය ලැබේ.
එමෙන්ම ඉඩම විකිණීමේදී මෙම අනුමැතිය අත්‍යවශ්‍ය වන්නාසේම ණය මුදලක් ලබා ගැනීමේදී ද මෙම අනුමැතිය ඉතා වැදගත් වේ.
මෙහිදි තමන්ට අයිති මාර්ගයේ අයිතියද තහවුරු කර ගත හැක. නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුව, අනුමැතිය ලබා දීම සිදු කරනු ලබයි.
ගොඩනැගිලි අයදුම්පත් සමඟ අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු එම අනුමැතිය ලබා ගත හැක.
රු. 232.30 ක් ගෙවිමෙන් පසු අයදුම් පත්‍රය ලබා ගත හැකි අතර ඉදිරිපත් කිරීමෙන් පසු බිම් ප්‍රමාණයට අනුව ගෙවීම් කල යුතුය.

සංවර්ධන කටයුත්තකට පෙර ලබා ගන්නා නිරවුල් සහතිකය.

යම්කිසි සංවර්ධන කටයුත්තකට පෙර ලබා ගන්නා මුලික අවසරය වේ. දේපලක විශාල සංවර්ධන කටයුත්තක් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන් හෝ ආයතන සඳහා එම දේපල මිළදී ගැනීමේදී මෙය බෙහෙවින් ඉවහල් වේ.
යම්කිසි කර්තව්‍යක් සඳහා මුලික සැලසුම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා දත්ත ලබා ගත හැක.
අයදුම්පත්‍රය සඳහා රු. 339/67 ක් ගෙවිය යුතුය.
පරීක්ෂණ ගාස්තු රු. 339/67

අවශ්‍ය ලියකියවිලි

01 අනුමත බිමි කට්ටි සැලැස්මේ ඡායා පිටපත
02 අදාල කාර්තුවට වරිපනම් බදු ගෙවු කුවිතාන්සිය
03 යෝජිත ගොඩනැගිල්ලේ දළ සටහන

අනුකූලතා සහතික ලබා ගැනීමේදී ලබා දිය යුතු ලිපි ලේඛන

අදාල කාර්තුවට ලබාගත් වරිපනම් කුවිතාන්සිය සමඟ අයදුම්පත්‍රය.