• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

දෙපාර්තමේන්තුව පිළිබඳ හැදින්වීම

දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාවේ සංවිධාන ව්‍යුහය පුලුල් කර බදු ගෙවන ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් ඉටු කිරිම සදහා වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් යාන්ති%ක ඉංජිනේරු දෙපාර්තමේන්තුව 1999 වසරේදි සභා සම්මුතියක් මගින් පිහිටුවන ලදි’

සේවාවන් පිළිබඳ හැදින්විම

යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් ඉටු කරන ලබන සේවාවන් ප්‍රදේශයේ බදු ‍ගෙවන ජනතාව වෙත ලබා දෙන සෘජු සේවාවක් නොවන අතර” අනෙකුත් සේවාවන් ලබා දීමේදි වක්‍රාකාර සේවාවක් ලබා දීම සිදුවේ’ ඒ සදහා මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවක සංඛ්‍යාව 180 ක් පමණවේ’

පධාන කාර්යය භාර්යය (සැකවින්)

නගර සභාව සතු වාහන හා යන්‍‍ත්‍රෝපකරණ 250 කට අධික ප්‍රමාණය සභාව තුලම නඩත්තු කටයුතු හා අථත්වැඩියා කටයුතු සිදු කර විධිමත් හා ථලදායි අන්දමට සේවයේ යෙදවීම’
වාහන යන්‍‍ත්‍රෝපකරණ පිළිබද ගොනු ලොග් සටහන් පොත් ධාවන සටහන් ලේඛණ පවත්වාගෙන යාම වාහන රක්ෂණ කටයුතු හා බලපත්‍ර ලබා ගැනීම’
සභාව සතු වායු සමීකරණ යන්ත්‍ර ජෙනරේටර්” විදුලි සෝපාන” ආදාහනාගාර” ක්‍රීඩාංගන හා වෙනත් විදුලි උපකරණ නඩත්තු කිරිමේ කාර්යයන් ඉටු කිරිම’
වාහන සදහා අවශ්‍ය වන අමතර කොටස් මිලදි ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සහ මෙම අමතර කොටස් ගබඩාව නිසි පරිදි කළමණාකරනය කර පවත්වාගෙන යාම
වෙනත් පළාත් පාලන ආයතන වලට හා රජයට අනුබද්ධ ආයතනවලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා සේවාවන් ලබා දීම’

වැදගත් දුරකථන අංක

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය-0112736190
කාර්යාලය-0112727010

Web Design BangladeshBangladesh Online Market