• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

ව්‍යාපාර බදු

ව්‍යාපාර බදු යනු කුමක්ද ?


ව්‍යාපාර බදු යනු කුමක්ද ?
මහා නගර සභා සීමාව තුළ ව්‍යාපාර කටයුතු සිදු කරන සෑම ව්‍යාපාරයක් විසින්ම එම ස්ථානයේ වාර්ෂික තක්සේරු වටිනාකම මත මහා නගර සභාව වෙත ගෙවිය යුතු බද්ද ව්‍යාපාර බද්ද වේ.එම ව්‍යාපාරයේ ස්භාවය අනුව ඇතැම් ව්‍යාපාර සදහා ව්‍යාපාර බලපත්‍රයක් ලබා ගැනිමටද සිදු විය හැකිය.

ව්‍යාපාර බදු යනු කුමක්ද ?

මහා නගර සභා සීමාව තුළ නිෂ්පාදන කාර්යයක නිරත වන්නේ නම් එම ව්‍යාපාරයේ හිමිකරු විසින් නාගරික කොමසාරිස්වරයා විසින් අනුමත කළ බලපත්‍රයක් ලබාගත යුතුවේ.

ව්‍යාපාර බලපත්‍රයේ වැදගත්කම

බලපත්‍රයකින් තොරව ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන ව්‍යාපාර සදහා පුර්ව දැනුම්දීමකින් තොරව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර නඩු පැවරිමේ පුර්ණ බලතල නාගරික කොමසාරිස්වරයා සතුවේ.

බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාර ස්වභාවයන් -

බලපත්‍රයක් ලබා ගැනිම සදහා කල යුතු දේ

1. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය ලබාගැනිම ( PHI Report)
2. ගිනි නිවාරණ සහතිකය ලබාගැනිම (Fire Report)
3. ආදායම් පරික්ෂකවරයාගේ නිර්දශය
4. කසල ගාස්තුව අදාළ වර්ෂය සදහා ගෙවා තිබිම
5. වරිපනම් ගාස්තුව අදාළ වර්ෂය සදහා ගෙවා තිබිම
6. ගොඩනැගිලි සැලැස්ම අනුමත කොට තිබිම
7. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ සහතිකය‍
8. නාම පුවරු සදහා ප්‍රදර්ශණ ගාස්තු ගෙවා තිබිම
9. බදු ගිවිසුමක් යටතේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නම් බදු ගිවිසුමේ පිටපතක්

ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝ‍ටල් හා ආපන ශාලා සදහා බලපත්‍ර නිකුත් කිරි‍මේදි පෙර වර්ෂයේ විගණන වාර්තා අනුව එයින් 1%
ක ගාස්තුවක් අයකර බලපත්‍රය ලබාදෙනු ලැබේ.

ඉහත අවශ්‍යතා සපුරාලීමෙන් පසු සම්පුර්ණ කරන ලද අයදුම්පත ඉදිරිපත් කර බලපත්‍ර ගාස්තුව ගෙවා මිශ්‍ර ආදායම් අංශයෙන් බලපත්‍රය ලබා ගත හැකිය.

ව්‍යාපාර බදු / බලපත්‍ර ගාස්තුව

වාර්ෂික වටිනාකම

ගෙවිය යුතු බද්ද

රැ 1500 නොඉක්මවනවිට රැ 2000.0
රැ 1500 – 2500 අතර රැ 3000.00
රැ 2500 ඉක්මවනවිට රැ 5000.00

ව්‍යාපාර බලපත්‍ර සදහා ගාස්තුව සමග NBT,VAT,Stamp ඇතුළත් විය යුතුය

ව්‍යාපාර බදු සදහා ගාස්තුව පමණක් අය කෙරේ