• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

Department of Electricity

දෙපාර්තමේන්තුව පිළිබඳ කෙටි හැදින්විම

දැනට දශක 4 කට පෙර නගරසභාව යටතේ පාලනය වෙමින් තිබු විදුලි දෙපාර්තමේන්තුවේ විදුලිය බෙදා හැරීමේ පද්දතියක් සමග එවක සේවය කළ විදුලි ඉජිනේරුවරුන් විදුලි අදිකාරීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ලංකා විදුලි බල මණ්ඩලය යටතට පවරන ලදී

1979 වර්ෂයෙන් පසු මෙම සභාවේ විදුලි දෙපාර්තමේන්තුවට ඉතිරිවූයේ වීථි පහන් පද්දතිය නඩත්තුකර පවත්වාගෙන යාම හා නගරසභා ගොඩනැගිලිවල විදුලිමය නඩත්තු කටයුතු පවත්වාගෙන යාම පමණි . මෙම සේවාව විදුලි අදිකාරීගේ අධික්ෂණය යටතේ අනෙකුත් කාර්යමණ්ඩලය 45 ක් සමග මෙම සේවාව ඉටුකරවා ගනු ඇත.

සේවාවන් පිළිබඳ කෙටි හැදින්විම

දෙහිවල ගල්කිස්ස මහා නගරසභා බල ප්‍රදේශය තුල මහජන උපයෝගීතා සේවාවක් ලෙස පවත්වාගෙනයාම සහ නගරසභා ගොඩනැගිලිවල විදුලිමය නඩත්තු කටයුතු පවත්වාගෙන යාම.

ප්‍රධාන කාර්ය භාරය

මෙම නගරසභා බල ප්‍රදේශය තුල වීථි පහන් නඩත්තු කිරීමේ පහසුව සදහා කලාප තුනකට වෙන්කර (කළුබෝවිල,ගල්කිස්ස,රත්මලාන) විදුලි කාර්මිකයන් තිනෙකු යටතේ අනෙකුත් කම්කරුවන් සමග ඉතාමත් වගකීමකින් යුතුව සිදු කරනු ලබයි.
මෙම නගරසභා බල ප්‍රදේශය තුල නඩත්තු වලට අමතරව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවත්වෙන සියළුම උත්සව සදහා ප්‍රමුකතාවය දී විදුලි ආලෝකය ලබාදීම සිදුකරයි.
මෙම සේවාවේදී වීථි පහන් දල්වන්නන් දිනපතා උදේ සවස වීථි පහන් දැල්වීම හා නිවීම 18 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයකින් ඉටු කරයි.
දිනපතා වීථි පහන් දල්වන්නන්ගේ අක්‍රිය විදුලි පහන් සම්බන්ධයෙන් වාර්තා ලබා ගන්නා අතර අනෙකුත් පාරිබෝගික මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි වලට අනුව කටයුතු කරනු ලබයි.

* මීට අමතරව සියළු නගරසභා ගොඩනැගිලිවල විදුලිමය නඩත්තු කටයුතු හා මාසික බිල්පත් අඛණ්ඩව ගෙවීම් ඇතුළු අනෙකුත් කාර්යාලය කටයුතු කිරීම ප්‍රධාන කාර්ය භාරයවේ.

වැදගත් දුරකථන අංක:-

කේ.කේ.නිමලසුරිය මයා (විදුලි අධ්කාරි) කාර්යාලය – 0111227780 නිවස- 0112750340 ජංගම -0714003647

ඩි.පි.ඩි. පෙරේරා මහතා (තාක්ෂණික නිලධාරී-විදුලි) කාර්යාලය -011227780 ජංගම – 0718243419