• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

ඉංජිනේරු දෙපාර්තමේන්තුව

සැලසුම් අංශය

කොට්ඨාශ 29 කින් සමන්විත දෙහිවල ගල්කිස්ස මහ නගර සභා සීමාව තුල පදිංචි 83,000 පමණ වු වරිපනම් බදු ගෙවන්නන්ගේ දේපල වලට අදාල නව ඉදිකිරීම, වෙනස් කිරීම ආදී දේපළ සංවර්ධන කටයුතු සඳහා

1. වීථි රේඛා සහතික නිකුත් කිරීම.
2. බිම් කට්ටි සැලසුම්පත් අනුමත කිරීම.
3. සංවර්ධන කටයුතුවලට පෙර නිරවුල් සහතික නිකුත් කිරීම.
4. ගොඩනැගිලි සැලසුම්පත් අනුමත කිරීම.
5. අනුකූලතා සහතික නිකුත් කිරීම.
6. අනවසර ඉදිකිරීම් පිළිබඳ නීත්‍යානුකූල කටයුතු කිරීම.

වන සේවා සැපයීම සැලසුම් අංශය මගින් සිදුවේ.

නගර සභා ගොඩනැගිල්ලේ දෙවන මහළේ දකුණු පස සැලසුම් අංශය ස්ථාපිත කර ඇත.

දුර ථනඅිං -011-2738703
එම්.කක.එස්. රිංජිත්මයො-071-4948806
චම්පොෙයොනන්ෙිය-011-2738703

සැලසුම් ඉංජිනේරු

සැලසුම් අංශයේ ප්‍රධානියා වේ. වීථි රේඛා, ගොඩනැගිලි රේඛා, බිම් කට්ටි සැලසුම්පත් නිකුත් කිරීම, අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් ඉංජිනේරුහට බලය පැවරී ඇත.

මෙම බල ප්‍රදේශයේ ගොඩනැගිලි, බිම් කට්ටි සැලසුම් අනවසර ඉඩම් අනුකූලතා සහතික පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මෙම අංශයට පැමිණෙන ජනතාවට එම ප්‍රශ්න විසඳා ගැනීමට උපදෙස් දීම, අවශ්‍ය ලිපි ලේඛන නිකුත් කිරීම නිරන්තරයෙන්ම සැලසුම් ඉංජිනේරු වෙතින් සිදුවනු ඇත.

ගොඩනැගිලි, බිම් කට්ටි සැලසුම් පත් වලට අනුකූලතා සහතික සඳහා අනුමැතිය දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියත් සමඟ පවත්වනු ලබන සැලසුම් කමිටුවේ ප්‍රධාන සාමාජිකයෙකි.

තාක්ෂණ නිලධාරි

දෙහිවල, ගල්කිස්ස, කළුබෝවිල, රත්මලාන යන කොට්ඨාශ 4 ට බෙදා ඇති මෙම බල ප්‍රෙද්ශයේ ගොඩනැගිලි, බිම් කට්ටි සැලසුම්, අනවසර ලිපි ගොනුවල තාක්ෂණ නිලධාරි වාර්තාව ලබා ගැනීම සඳහා තාක්ෂණ නිලධාරීන් 4 දෙනෙකු යොදවා ඇත. ඔවුන්ට පවරා ඇති කොට්ඨාශයේ ලිපි ගොනුවල රාජකාරි කටයුතු සිදුකරනු ලබයි.

සැලසුම් ශිල්පීන්

සැලසුම් ශිල්පීන් දෙදෙනෙකුගෙන් සමන්විත වේ. වීථි රේඛා, ගොඩනැගිලි රේඛා සලකුණු කිරීමත්, ගොඩනැගිලි, බිම් කට්ටි සැලසුම් පත් ලිපිගොනුවල ඒ සම්බන්ධව රාජකාරි කටයුතු කිරීමත් සැලසුම් ශිල්පීන් විසින් සිදුකරනු ලබයි.

කළමනාකරණ සහකාර

ප්‍රධාන කළමනාකරණ සහකාර ඇතුලු කළමනාකරණ සහකාර 5 දෙනෙකු සේවය කරනු ලබයි. දෙහිවල, ගල්කිස්ස, කළුබෝවිල, රත්මලාන යන කොට්ඨාශ 4 ට බෙදා වෙන් කර ඇති අතර මොවුන් විසින් පැමිණෙන ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා අවශ්‍ය ලියකියවිලි ලබා දීමට කටයුතු නිරන්තරයෙන්ම සිදුකරනු ලබන අතර, සැලසුම් අනුමත කිරීම සඳහා පරීක්ෂණ ගාස්තු ගෙවීමට කුවිතාන්සි නිකුත් කිරීම, අනුකූලතා සහතික ගාස්තු අයකිරීමට කුවිතාන්සි නිකුත් කිරීම යනාදි රාජකාරි කටයුතු ද කළමනාකරණ සහකාර විසින් සිදුකරනු ලබයි.


සැලසුම් ඉංජිනේරු, අංශයේ ප්‍රධාන නිලධාරියා වන අතර තාක්ෂණ ශිල්පීන් 08, සැලසුම් ශිල්පින් 2 කුගෙන් හා කළමණාකරන සහකාර 5 යුත් කාර්ය මණ්ඩලයකින් සැලසුම් අංශය සමන්විත වේ.

කොට්ඨාශ 29 කින් යුත් දෙහිවල ගල්කිස්ස බල ප්‍රෙද්ශයේ ඉදිකරනු ලබන ගොඩනැගිලිවලට හා බිම් කට්ටි සඳහා අනුමැතිය ලබා දීම, වීථි රේඛා, ගොඩනැගිලි රේඛා සහතික දීම, අනුකූලතා සහතික ලබා දීම, අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම, ගොඩනැගිලි සඳහා කාලය දීර්ඝ කිරීම වැනි සේවාවන් මෙම ප්‍රදේශයේ මහජනතාවට ලබා දීම අප අංශයේ කාර්ය භාරය හා වගකීම වනු ඇත.

අවශ්‍ය මුදල් ගෙවීමෙන් පසු බිම් කට්ටි හා ගොඩනැගිලි අයදුම්පත් අප අංශයෙන් ලබා ගත හැකිය.

සැලසුම් ශීල්පීන් විසින් භාරගනු ලබන අයදුම්පත් අදාල කොට්ඨාශභාරව සිටින කළමණාකරන සහකාර විසින් බිම් ප්‍රමාණයට අනුව මුදල් අය කර ලිපි ගොණුනක් විවෘත කරනු ලබයි.

සැලසුම් ශිල්පීන් හා තාක්ෂණ නිලධාරීන්ගේ වාර්තාවෙන් පසුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් හා නාගරික කොමසාරිස් ප්‍රධානව අප සභාවේ නිලධාරින් පවත්වනු ලබන සැලසුම් කමිටුවට එම ලිපි ගොණුව ඉදිරිපත් කර එයට අදාල අනුමැතිය ලබා දීම හෝ තීරණ ගැනීම සිදුකරනු ලබයි. ඒ අදාල තීරණයට කළමණාකරන සහකාර විසින් ලිපිගොණු වල ඉදිරිකටයුතු කරනු ලබයි. බිමි කට්ටි, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, කාලය දීර්ඝ කිරීම, අනුකූලතා සහතික අනුමත කිරීම, අනවසර ඉදිකිරීම් සම්බන්ධ තීරණ ගැනීම, සැලසුම් කමිටුවේ කාර්ය භාරය වේ.

වීථි රේඛා, ගොඩනැගිලි සහතික ලබා දීම ප්‍රධානියා වනුයේ සැලසුම් ඉංජිනේරු දිනේෂ් කුමාර මහතා වන අතර, ඒ සඳහා සැලසුම් ශිල්පීන් දෙදනාගේ හා ප්‍රධාන කළමණාකරන සහකාර නිලධාරි මහත්මියගේ සහය ලබාදෙනු ලැබේ.

සේවාවන්

1. වීථිරේඛා හා ගොඩනැගිලි රේඛා සහතික ලබා දීම අප අංශයෙන් සිදු කරනු ලබනසේවාවන් අතුරින් ප්‍රධාන තැනක් ගනී. අයදුම් පතක් මගින් ඉල්ලුම් කල යුතු අතර, රු. 284.60 ක් ගෙවීමෙන් පසු දින දෙකක් තුලදී සහතිකය ලබා ගත හැක.

2. බිම් කට්ටි හා ගොඩනැගිලි අයදුම්පත් මුදල් ගෙවීමෙන් පසු රු.(236.60 හා 354/-) ලබා ගත හැකිය. අයදුම්පත භාරදීමෙන් පසු නැවතත් බිම් ප්‍රමාණයට අනුව ගෙවීමෙන් පසු සැලසුම් ශිල්පි හා තාක්ෂණ නිලධාරි වාර්තාවෙන් පසු සැලසුම් කමිටු යොමු කොට අනුමැතිය හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලබයි.

3. අනුකූලතා සහතිකය ලබා ගැනීම සඳහා අයදුම්පත මඟින් ඉදිරිපත් කල යුතු අතර, තාක්ෂණ නිලධාරි වාර්තාවෙන් පසු සැලසුම් කමිටුවට යොමු කොට අනුමැතිය ලබා දේ.

4. කාලය දීර්ඝ කිරීම ලිපියක් මඟින් ඉල්ලුම්කල යුතු අතර, තාක්ෂණ නිලධාරි වාර්තාවෙන් පසු සැලසුම් කමිටුවට යොමු කල අනුමැතිය ලබා දේ. කාලය දීර්ඝ කිරීමේ ගාස්තු ගෙවිය යුතුය.

5. අනවසර ඉදිකිරීම් ලිපියක් මඟින් ප්‍රශ්නය ඉදිරිපත් කල හැකි අතර, තාක්ෂණ නිලධාරි වාර්තාවෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම් කමිටුවට යොමු කිරීම හෝ සාකච්ඡා මාර්ගයෙන් හෝ නැතිනම් නීත්‍යානුකූලව ගතයුතු ක්‍රියාමාර්ගයන් හෝ ගැනීම සිදුකරනු ලබයි.

6. සංවර්ධන කටයුත්තට පෙර ලබා ගන්නා නිරවුල් සහතික රු. 339.66 ගෙවීමෙන් පසු ලබාගත හැක.මෙයින් සැලසුම් නිර්මාණය සඳහා අවශ්‍ය උපදෙස් හා දත්ත ලබා ගත හැක.

සැලසුම් ඉංජිනේරු – 0112- 738703


කොට්ඨාශ 29කින් යුත් මෙම බල ප්‍රෙද්ශයේ කාර්ය පහසුව සදහා කොට්ඨාශ 4 බැගින් ගල්කිස්ස, රත්මලාන,කළුබෝවිල, දෙහිවල යන ලෙස වෙන්කර ඇත. ඒ සදහා කළමණාකරන සහකාර 4 දෙනෙකු පත්කර ඇති අතර, තාක්ෂණ නිලධාරි 8 දෙනෙකු අතර, මෙම කොට්ඨාශ 4හි රාජකාරි පවරා ඇත.

එම නිලධාරින් විසින් බිම් කට්ටි, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික ලබා දීම කාලය දීර්ඝ කිරීම හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කේෂ්ත්‍ර පරීක්ෂාවෙන් පසු වාර්තා ලබා දෙනු ඇත. එම වාර්තා සැලසුම් කමිටු අනුමැතියට ලබා දේ.

වීථි රේඛා හා ගොඩනැගිලි රේඛා ලබා දීමේදී සැලසුම් ශිල්පීන් දෙදෙනා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර බිම් කට්ටි, ගොඩනැගිලි සැලසුම් පරීක්ෂා කරමින් භාරගනිමින් ‍ඒ අදාල වාර්තා සැපයීමද කරනු ලබයි.

මීට අමතරව අනවසර ඉදිකිරීම් කලමනාකරණ සහකාර විසින් භාර ගෙන එම ලිපිගොනු තාක්ෂණ නිලධාරින් වෙත යොමු කිරීමෙන් පසු එහි ඉදිකිරීම් කටයුතු කරනු ලබයි.

අනුකූලතා හා කාලය දීර්ඝ කිරීම ලබා දීමේදී තාක්ෂණ නිලධාරි වාර්තාවෙන් පසු සැලසුම් කමිටුවට යොමු කර එම නිර්දේශයට අනුව කටයුතු කරනු ලබන්නේ කලමනාකරණ සහකාර මහත්මින් විසිනි.

දුරකථන අංක

සැලසුම් ඉංජිනේරු

0112- 738701/314
0112- 738702/314
0112- 738703

දිනේෂ් කුමාර්

071-4948806

අනවසර ඉදිකිරීම් සම්බන්ධවයි.

දෙහිවල බල ප්‍රෙද්ශයට අදාලව සියළුම කොට්ඨාශවල (කොට්ඨාශවල 04 ක) අනවසර සම්බන්ධ පැමිණිලි ලැබෙන අතර, එම පැමිණිලි වලට අදාලව එම කොට්ඨාශ භාර තාක්ෂණ නිලධාරි විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකරනු ලබයි.

අදාල තාක්ෂණ නිලධාරි ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු යොමු කරන නිලධාරි වාර්තාවට අනුව එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

සැලසුම් අංශයෙන් අනවසර ඉදිකිරීම් සම්බන්ධ අයදුම්පතක් මඟින් මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කල හැක.