• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව

දෙපාර්තමේන්තුව පිලිබද කෙටි හැදින්වීම


දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය තුල ජීවත්වන සියලු ජනයාගේ ජීවිත හා දේපල ගිනි නිවන ඒකකයට අයත් නීතී හා රෙගුලාසි යටතේ බේරාගෙන සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් ක්‍රි.ව 2000 දී ස්ථාන භාර නිලධාරි සමග අංශභාර නිලධාරින් දෙදෙනෙකු, යාන්ත්‍රික ගිනිභටයින් 03 දෙනෙකු, ගිනිභටයින් 19 දෙනෙකු හා එක් ගිනි රථයක් සමගින් ආරම්භ කරන ලද දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, වර්තමානයේදී ගිනිරථ 02ක්, ජල බවුසර් 03ක්, ගිලන්රථ 02ක්, ජීවිත බේරාගැනීමේ රථයක්, උස් ගොඩනැගිලිවල ගිනි නිවීම් කටයුතු සදහා යොදා ගන්නා ස්නොකල් රථයකින් හා නිලධාරින් 49 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

සේවාවන් පිළිබද කෙටි හැදින්වීම

mostbet mostbet giriş mostbet mostbet giriş mostbet mostbet giriş mostbet mostbet giriş mostbet mostbet giriş

බල ප්‍රදේශය තුල හා ආසන්න පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුල ඇතිවන ගිනි අනතුරු මැඩ පැවැත්වීම, ජීවිත බේරා ගැනීමේ කටයුතු හා වෙනත් මානූෂීය ක්‍රියාවන් වල නිරත වීම.

බල ප්‍රදේශය තුල ඇතිවන හදිසි අනතුරුවලදී ගිලන්රථ සේවාව නොමිලේ සැපයීම

පාරිසරික උපද්‍රව වලදී මහජනතාව මුදවා ගැනීම.

ප්‍රභූ ආරක්ෂක සේවා සැපයීම

අන්තරායකාරි ගණයට අයත් ව්‍යාපාර පරීක්ෂා කර බලා ගිනි ආරක්ෂණ සහතික ලබාදීම.

ගොඩනැගිලි සැලසුම් සදහා ගිනි ආරක්ෂණ උපදෙස් හා සේවා සැපයීම (බල ප්‍රදේශය තුල හා පිටත)

පාසැල්, රෝහල් , අධ්‍යාපන ආයතන හා වෙනත් ආයතන සදහා පුහුණු වැඩ සටහන් පැවැත්වීම.

සංවිධාන ව්‍යුහය

ප්‍රධාන කාර්ය භාරය

බල ප්‍රදේශය තුල හා ආසන්න බල ප්‍රදේශවල ඇතිවන ගිනි නිවීම් කටයුතු , ජීවිත බේරාගැනීමේ කටයුතු හා
වෙනත් මානුෂීය ක්‍රියාවන් වල නිරත වීම.

වැදගත් දුරකථන අංක:-

හදිසි ඇමතුම් :- 0112-714444
ස්ථාන භාර නිලධාරි කාර්යාලය :- 0112-734225
කාර්යාලය :- 0112-718188