• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council
DMMC LOGO

ක්‍රීඩා විනෝදාංශ හා සමාජ සුභ සාධන දෙපාර්තමේන්තුව


ක්‍රීඩා අංශය

DMMC FLAG

අප අංශයෙන් ලබා දෙන සේවාවන් ලබා ගැනීමට ඔබ පැමිණිය යුත්තේ, දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාවේ ප්‍ර‍ධාන කාර්යාලයේ තෙවැනි මහලේ පිහිටි ක්‍රීඩා අංශයටය.

ලිපිනය:-

දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව, දෙහිවල.

සිතියම


අප පිළිබඳව හැඳින්වීම

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතර දෙවන විශාලතම මහා නගර සභාව වශයෙන් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව “යහපත් පළාත් පාලන ක්‍රියාවලියක් තුළින් තිරසාර සංවර්ධනයක් කරා පියනගමින් දෙහිවල ගල්කිස්ස ආසියාවේ ආදර්ශමත් පුරවරයක් ලෙසට සංවර්ධනය කිරීම” යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට යන ගමනේදී නාගරික පරිපාලනය විධිමත් කිරීමේ මෙවලමක් ලෙස ක්‍රීඩා දෙපාර්තමේන්තුව විශාල දායකත්වයක් දරා ඇත.
දෙහිවල ප්‍රදේශයේ වෙසෙන සුවහසක් ජනතාවගේ මානසික සෞඛ්‍ය වර්ධනය උදෙසා සහ ප්‍රදේශවාසී තරුණ තරුණියන්ගේ සැඟවුණු දක්ෂතා ඔප්නංවා ඔවුන් සතු ක්‍රීඩා කුසලතා සංවර්ධනය කරමින් ප්‍රදේශයේ අභිවෘද්ධිය උදෙසා වැඩදායි, ශක්තිමත් සහ නිරෝගිමත් තරුණ පිරිසක් බිහි කිරීමත්, ජාතික හා ජාත්‍යන්තර තලයේ තරඟ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආධාර සපයමින් ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමත්, බල ප්‍රදේශයේ සුභ සාධන ආයතන, පාසල්, පන්සල්, දහම් පාසල් ආධාර සපයමින් එම ආයතනයන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට දිරියක් වීමත්, බල ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික කටයුතුවලට මූල්‍ය ආධාර ලබා දෙමින් ආගමික සහජීවන වර්ධනය කිරීමත්, ස්වභාව ධර්මයේ කුරිරු අත්දැකීම් හමුවේ පුරවැසියන් අසරණවන අවස්ථාවලදී ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නඟමින් අවශ්‍ය සහනාධාර සලසා ජනතාවගේ සුභසාධන කාර්යයන් ඉටු කිරීමත් අරමුණු කර ගනිමින් නාගරික පරිපාලනය තුළ ක්‍රීඩා දෙපාර්තමේන්තුව 1998.02.28 දින ස්ථාපිත කර ඇත.
ක්‍රීඩා අංශය සතුව සමරු රඟහලක්, උත්සව ශාලා 02ක්, මහජන ක්‍රීඩාංගණ 11ක්, මහජන උද්‍යාන 01ක්, ක්‍රීඩාගාර 06ක්, ළමා උද්‍යාන 14ක් හා කායවර්ධන මධ්‍යස්ථාන 16ක් සමන්විත වේ.
මෙම කටයුතු පවත්වා ගෙන යාම සඳහා ක්‍රීඩා නිලධාරි, සංවර්ධන නිලධාරි, ක්‍රීඩා භූමි උපදේශකවරුන් 04ක් ද, ක්‍රීඩා භූමි භාරකරුවන් 02ක්ද, කාර්යාල සේවක සේවයේ මහතුන් 59ක් සේවයේ යෙදී සිටින අතර ඔවුන් විසින් ඉහත සඳහන් සමරු රඟහල්, උත්සව ශාලා, මහජන ක්‍රීඩාංගණ, ක්‍රීඩාගාර, ළමා උද්‍යාන හා කායවර්ධන මධ්‍යස්ථාන මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා අධීක්ෂණය කරමින් පවත්වා ගෙන යනු ලබයි.

දැක්ම

ක්‍රීඩාව තුළින් නිරෝගිමත් පරපුරක් බිහිකරමින් ජනතා සුභසාධනය තුළින් සුඛිත මුදිත පුරවරයක් නිර්මාණය කිරීම.

මෙහෙවර

මහා නගර සභා n, ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ‍ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කර රටට වැඩදායි සහ නිරෝගිමත් පුරවැසියන් බිහිකිරීමත්, මහජනතාවගේ සුභසාධන අවශ්‍යතා සපුරාලමින් අවශ්‍ය අවස්ථාවන්හි සහනාධාර ලබා දී, සුභසාධන කාර්යය ඉටුකරලීම.

ක්‍රීඩා දෙපාර්තමේන්තුව යටතේ දැනට පාලනය වන ක්‍රීඩාගාර හා ක්‍රීඩාංගණ

ක්‍රීඩා දෙපාර්තමේන්තුව යටතේ දැනට පාලනය වන ක්‍රීඩාගාර හා ක්‍රීඩාංගණ

ක්‍රීඩාගාර හා ක්‍රීඩාංගණ පිහිටි ස්ථානය
01 ඇස්.ද.ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණය ක්‍රීඩාගාරය අනගාරික ධර්මපාල මාවත, දෙහිවල.
02 සරණංකර ක්‍රීඩාංගණය ක්‍රීඩාගාරය සරණංකර පාර, දෙහිවල.
03 ෆෙයාලයින් ක්‍රීඩාගාරය පෙයාර්ලයින් පාර, දෙහිවල.
04 වින්සර් පාක් ළමා ක්‍රීඩාංගණය බෝධිය වත්ත, කළුබෝවිල,
05 කළුබෝවිල ජයසංඛපුර ළමා ක්‍රීඩාංගණය පිරිස් පාර කඟබෝධීල, දෙහිවල
06 කවුඩාන ශාන්තාරාම ළමා ක්‍රීඩාංගණය ශාන්තාරාම පාර, කවුඩාන, දෙහිවල.
07 ප්‍රේෂර් ක්‍රීඩාංගණය ප්‍රේෂර් මාවත, දෙහිවල
08 රණජයගම පෙර පාසල් ළමා ක්‍රීඩාංගණය රණජයගම,වෛද්‍යය පාර, දෙහිවල.
09 ගල්කිස්ස මවුන්ට් පාක් ක්‍රීඩාංගණය දුම්රියපල පාර,ගල්කිස්ස.
10 යශෝරාපුර ක්‍රිඩාගාරය. ක්‍රීඩාංගණය යසෝරාපුර අත්තිඩිය.
11 රත්මලාන උද්‍යාන පාර ළමා ක්‍රීඩාංගණය උද්‍යාන පාර, රත්මලාන
12 රත්මලාන ධර්මාරාම පාර වලව්වත්ත ක්‍රීඩාංගණය.(වෙඩිකන්ද) ධර්මාරාම පාර, රත්මලාන.
13 ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව යාබද ක්‍රීඩාංගණය කවුඩාන, ගිනි නිවීම් ඒකකය යාබද ක්‍රීඩාංගණය
14 වුඩ්ලන් ක්‍රීඩාංගණය ක්‍රීඩාගාරය වුඩ්ලන්ඩ් මාවත, කොහුවල
15 දහනායක ක්‍රීඩාංගණය ක්‍රීඩාගාරය කඩවත පාර,නැදිමාල,දෙහිවල.
16 බඩෝවිට I අදියරයේ ළමා ක්‍රීඩාංගණය බඩෝවිට,ගල්කිස්ස
17 බඩෝවිට II අදියරයේ ළමා ක්‍රීඩාංගණය බඩෝවිට,ගල්කිස්ස
18 රත්මලාන බොරුපන ළමා ක්‍රීඩාංගණය බොරුපන පාර, රත්මලාන
19 කළුබෝවිල බෝධියවත්ත ක්‍රීඩාංගණය බෝධියවත්ත, කළුබෝවිල
20 කවුඩාන පල්ලිය දොර ක්‍රීඩාංගණය පල්ලිය දොර, කවුඩාන,දෙහිවල
21 අත්තිඩිය ප්‍රජා මණ්ඩලිය ක්‍රීඩාංගණය අත්තිඩිය
22 රත්මලාන – ෆාම් ග්‍රෝ ළමා ක්‍රීඩාංගණය රත්මලාන 4 වන පටුමග