• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව

මධ්‍ය පුස්තකාලය - I ශ්‍රේණිය


ප්‍රධාන පුස්තකාලයාධිපතිනි

කේ.එම්. ධම්මිකා ප්‍රනාන්දු

මධ්‍ය පුස්තකාලය, ෆ්‍රේෂර් ඇවිනිවි , දෙහිවල.

දුරකථන අංක : 011 271 2782

මෙහෙවර ප්‍රකාශය:

ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා ජාති, කුල, ආගම්, තරාතිරම්, වයස් හෝ භාෂා භේද වලින් තොරව සමාජයේ සෑම සාමාජිකයකුටම තම අවස්ථාව හිමි වන සේ අධ්‍යාපනික, සාමාජික, ආර්ථික හා සංස්කෘතික අභිවෘද්ධිය මෙන්ම විවේක කාලය ප්‍රයෝජනවත් හා නිර්මාණශීලී අයුරින් ගත කිරීම සඳහා ද අවශ්‍ය තොරතුරු හා සම්පත් ලබා දීමේ අරමුණින් තොරතුරු හඳුනා ගැනීම, අත්පත් කර ගැනීම, සැකසීම, ගබඩා කිරීම, සමුද්ධරණය හා සන්නිවේදනය කිරීම අපගේ මෙහෙවරයි.

හැඳින්වීම

කොළඹ සිට පැමිණෙන අයෙකුට දෙහිවල නගරයට අවතීර්ණ වනවාත් සමඟම මුහුදුබඩ ප්‍රදේශය වන්නට පිහිටි ෆ්‍රේෂර් මාවතේ යාර 200 ක් පමණ ගිය විට මෙම පුස්තකාලය දැක ගත හැක.
සීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනය හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වැඩිවීම නිසා ශ්‍රි ලංකා ජනරජයේ ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා අතින් 1977.05.16 වන දින මෙම පුස්තකාලය විවෘත කරන ලදි.
දෙහිවල ගල්කිස්ස නාගරික බල ප්‍රදේශය තුල පදිංචි නගර වැසියන් වෙත පුස්තකාල හා තොරතුරු සේවා සැපයීම අරමුණ වන අතර , නගරයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවනට හා නගරයේ දෙපාර්තුමේන්තුවල හා ආයතනවල සේවයේ නියුක්ත වු නගරයෙන් බැහැර ජනතාවට පුස්තකාල සේවාව විවෘතව ඇත. මහජන පුස්තකාල පරමාර්ථය අනුව ඕනෑම පාඨකයෙකු සඳහා මෙම පුස්තකාලය නිදහසේ පරිහරණයට විවෘතය.
මෙම පුස්තකාලය මගින් පාලනය වන දෙහිවල ගල්කිස්ස මහා නගර සභා සීමාවට අයත් ශාඛා පුස්තකාල හා ළමා පුස්තකාල 05 ක්ද කියවීම් ශාලා 09 ක්ද මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා පවත්වාගෙන යනු ලබයි.

අරමුණු හා කාර්යයන්..

1. දෙහිවල ගල්කිස්ස පදිංචි ජනතාවගේ දැනුම වර්ධනය කිරීම, පුද්කලික හා සාමුහික ජීවිතය සකස් කිරීම සඳහා අවශ්‍ය පොත් පත්, ලිපි ද්‍රව්‍ය හා පුවත්පත් එකතු කර තැබිමත් ඒවා අවශ්‍ය අවස්ථාවලදි පාඨකයන්ට ලබා දීම මුලික කාර්යයන් අතර වේ.

2. පාඨකයන්ගේ නිර්මාණ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා සාහිත්‍ය උත්සව සංවිධානය කර ත්‍යාග සහ සහතික පිරිනැමීම, කියවීම සඳහා පොත්පත් නිකුත් කිරීම, ඒවා පරිහරණයට ඉඩ සලසා දීම.

3. ඉහත සඳහන් පරමාර්ථ ඉටු කරගැනීම සඳහා පොත්, වාර සඟරා, පුවත්පත් ආදිය තේරීම, අත්පත් කර ගැනීම, පරිග්‍රහණ ලේඛන ගත කිරීම, මුදල් ගෙවීම, වර්ගීකරණය කිරීම හා සුචිකරණය කිරීම හා මුලික සංරක්ෂණ කටයුතු කිරීම, පුස්තකාල පාඨකයන්ගේ භාවිතය සඳහා විමර්ශන අංශය, බැහැර දෙන අංශය, ළමා අංශයට බෙදා හැරීම.

4. පාඨකයන්ගේ සේවාවන් ඉටුකිරීමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්, ඉඩකඩ පුස්තකාලයේ පවිත්‍රතාවය ආදි කාර්යයන් නිසි පරිදි ඉටු කිරීම.

5. ගුණාත්මක පාඨක සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය දැනුම කාර්යය මණ්ඩලයට ලබාදීම.

සමාජිකයෙකු විය හැක්කේ කාටද ?

  • දෙහිවල ගල්කිස්ස මහා නගර සභා සීමාව තුල ස්ථීර පදිංචිකරුවන්ට
  • දෙහිවල ගල්කිස්ස මහා නගර සභා සීමාව තුල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට
  • දෙහිවල ගල්කිස්ස මහා නගර සභා සීමාව තුල රැකියාවේ නියුතු අයට

පුවත්පත් අංශය


දිනපතා උදෑසන 8.00 සිට 6.00 දක්වා මෙම අංශය විවෘතව පවති. දිනපතා පුවත්පත් 14 ක් ද ඉරිදා පුවත්පත් 21 ක්ද සිංහල සඟරා 12 ක්ද, ඉංග්‍රීසි සඟරා 13 ක් පමණ ප්‍රමාණවලින් ගෙන දැනුම ලබාදේ. දිනපතා පලවන සිංහල/ඉංග්‍රීසි/දෙමළ පුවත් පුවරු මත තබා කියවීමට සලස්වා ඇත.තවද සතිපතා ගැසට් පත්‍ර පුවත්පත් අංශයට ලැබෙන අතර පුවත්පත් ලිපි එකතුවක්ද පවත්වාගෙන යයි.

විමර්ශන අංශය

5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස.(සා.පෙළ), උසස් පෙළ සඳහා අදාල සියලුම විෂයන් සඳහා පොත්ද , නීතිවේදී, වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක, විද්‍යාව, ඉතිහාසය, දේශපාලන විද්‍යාව ආදි පොත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් සමන්විතය.
Wifi පහසුකම් මධ්‍යම පුස්තකාලය තුල ඇත.

ශාඛා පුස්තකාල

රජයේ නිවාඩු දිනයන් හා බදාදා දිනය හැර සතියේ සෑම දිනකම පෙ.ව 9.15 සිට ප.ව 6.00 දක්වා විවෘතව පවති.

1. ගල්කිස්ස ශාඛා පුස්තකාලය
2. අත්තිඩිය ශාඛා පුස්තකාලය
3. නැදිමාල ශාඛා පුස්තකාලය
4. සරණංකර ශාඛා පුස්තකාලය

මෙම ශාඛා පුස්තකාලවලට අමතරව කියවීම ශාලා 09 ක් ඇත.

වනරතන කියවීම් ශාලාව
කින්දවත්ත කියවීම් ශාලාව
පල්ලිදොර කියවීම් ශාලාව
ඩඩිලි සේනානායක කියවීම් ශාලාව
උද්‍යාන පාර කියවීම් ශාලාව
පිරිස් පාර කියවීම් ශාලාව
කඩවත පාර කියවීම් ශාලාව
විලවල කියවීම් ශාලාව
ගොනාකෝවිල කියවීම් ශාලාව

ඡායා පිටපත් සේවය

පාඨකයන්ට පුස්තකාලයෙන් බාහිරට ගෙනයාමට අවසරයක් නොමැති පොත්පත්, සඟරා, පුවත්පත් ආදියෙහි අවශ්‍ය කොටස්වල ඡායා පිටපත් සීමිතව සහන මිලට ලබාදීමේ සේවාවක් ද පවත්වාගෙන යනු ලැබේ.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ව්‍යාපෘති සේවා

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා රචනා, කථීක, චිත්‍ර වැනි තරඟ සංවිධානය කිරීම
සාහිත්‍ය උත්සවය
පොත් ප්‍රදර්ශනය
විද්වත් දේශන
දැන්වීම් පුවරුව
විශේෂ වැදගත්කමක් දක්වන දැන්වීම් පෝස්ටර් ප්‍රදර්ශනය

පොත් බැහැර ගෙනයාම සඳහා සමාජිකයෙකු වන්නේ කෙසේද ?

  • ශිෂ්‍යයකු නම් පාසලේ ඉගෙනීම ලබන බවටත් / රැකියාවේ නියතු අයෙක් නම් සේවයේ නියුක්ත බවටත් සහතික කළ යුතුය.
  • නාගරික බල ප්‍රදේශය තුල ස්ථීර වරිපනම් ගෙවන දෙදෙනෙකු ඉල්ලුම්කරුට ඇප විය යුතුය.
  • බැහැර දෙන අංශය සඳහා වයස අවු. 14 ට වැඩි විය යුතුය.
  • අයදුම්පත පුරවා ඇපකරුවන් දෙදෙනෙකු සහතික කොට රු.100 ගෙවිමෙන් සාමාජිකත්වය ලබා ගත හැක. සාමාජිකත්වය වසරින් වසර අළුත් කළ යුතුය.අළුත් කිරීමේ ගාස්තු රු. 100 කි.
  • පාසල් යන ශිෂ්‍යයෙකු නම් අයදුම්පත විදුහල්පතිතුමා සහතික කිරීමෙන් රු.50 ක් ගෙවා සාමාජිකත්වය ලබාගත හැක. මෙයට අමතරව වැඩිහිටි සාමාජිකත්වය සඳහා රු. 500 ක මුදල් තැම්පතුවක් අය කරනු ලැබේ.
  • ළමා පුස්තකාල සාමාජිකත්වය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා සීමාව තුල ස්ථීර පදිංචි හෝ අධ්‍යාපනයේ නියුක්ත වයස අවුරුදු 5 – 14 අතර පසුවන පාසල් දරු දැරියන්ට මහ නගර සභාවට වරිපනම් ගෙවන අයෙකුගේ ඇපවීම මත ලබාගත හැක.

පාඨක සේවාවන් සිදු කරන වේලාවන්:

රජයේ නිවාඩු දිනයන් හා බදාදා දිනය හැර සෑම දිනකම පෙ.ව 8.00 සිට ප.ව 6.00 දක්වා විවෘතව පවති.

ළමා අංශය නොමිලේ සිදුකරනු ලබන ව්‍යාප්ත සේවා:

කථා පැය වැඩසටහන, කථික, චිත්‍ර, ගද්‍ය රචනා, පද්‍ය රචනා, නැටුම්, ගායනා තරඟ

අධ්‍යන අංශය

තම පෞද්ගලික පොතපත පරිහරණයට ඉඩ සලස්වා ඇත. ඒ සඳහා රු.15/- ක් ගෙවා සාමාජික කාඩ්පතක් ලබා ගතයුතු අතර, එම අනන්‍යතාවය සනාථ කිරීමට ජාතික හැදුනුම්පත හෝ වෙනත් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

සේවාවන්

පුස්තකාලයෙන් වසර 10ක් තුල භාවිතා නොකළ පොත් බල ප්‍රදේශ තුල අඩු ආදායම්ලාභී රජයේ පාසල් හා දහම් පාසල් සඳහා නොමිලේ ලබා දෙනු ලැබේ.