• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

දේපල තක්සේරුව


වරිපනම් බදු අය කර ගැනීම / වාර්ෂික තක්සේරුව සංශෝධනය කළ යුතු අවස්ථා

වරිපනම් හා තක්සේරු අංශ වලින් සැපයෙන සේවා :

  • දේපල හිමිකම් විස්තරය
  • වරිපනම් ලේඛන වල නම් ලියාපදිංචි කිරීම.
  • නව දේපල තක්සේරු කිරීම හා නව වරිපනම් අංක ලබාදීම.
  • තක්සේරු විරෝධතා පරික්ෂණ පැවත්වීම.
  • පදිංචි නොවී ඇති ගොඩනැගිලි සඳහා වරිපනම් බදු නිදහස් කිරීම.
  • භාවිතයන් වෙනස්වීම මත හෝ දේපලෙහි ප්‍රමාණය (Ft.) වෙනස් වීම මත තක්සේරු සංශෝධනය කිරීම.
  • අංක සනාථ කර ලිපි ලබා දීම.


ඔබගේ නම වරිපනම් ලේඛනයට ඇතුලත් කර ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ :

  • අදාල දේපල සම්බන්ධයෙන් ඔබ සතුව පවත්නා අයිතිය තහවුරු වීම.
  • ඔබගේ නමින් වරිපනම් දැන්වීම් හා වරිපනම් බදුපත් නිකුත් වීම.
  • ඔබගේ නමින් හිමිකම් සහතික සහ නොපවරවා ගැනීමේ සහතික ලබා ගැනීමට හැකිවීම.
  • ඉඩම් හිමියාගේ නමින් ගොඩනැගිලි සැලසුම් හා අනුකූලතා සහතික ලබා ගැනීමට හැකිවීම.
  • ඉඩම් කට්ටි අනුමත කර ගැනීම සඳහා පිඹුරුපත ඉදිරිපත් කිරීමේදී ඔබගේ නම වරිපනම් ලේඛනයේ ලියාපදිංචිවී තිබීම අනිවාර්ය වේ.
  • බදු විරෝධතා සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම ඔබට අවශ්‍ය වන්නේ නම්, ඔබේ නම වරිපනම් ලේඛනයට ඇතුලත් වී තිබිය යුතුයි.
  • නව වරිපනම් අංක ලබා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඔබට ඒ සඳහා අයදුම් කළ හැක්කේ ඔබගේ නමට අදාල දේපල ලියාපදිංචිවී ඇතිවිටය.
  • රජයේ පාසල් වලට ශිෂ්‍යන් ඇතුලත් කර ගැනීමේදී පදිංචි තහවුරු කර ගැනීමට.
  • අදාල දේපලයන් උකසට තබා බැංකු ණය ලබා ගැනීමේදී ඔබගේ නම වරිපනම් ලේඛනයට ඇතුලත්වී තිබීම අනිවාර්ය වේ.
  • ජල බිල්පත් වල හා විදුලි බිල්පත් වලට ඔබගේ නම ඇතුලත් කර ගැනීමට අවශ්‍ය වූ විට නගර සභාවේ වරිපනම් ලේඛනයේ නම ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
  • නගර සභාවේ වරිපනම් ලේඛනයන් හි නම ලියාපදිංචි කර ගෙන ඇති වරිපනම් බදු නිසියාකාරව ගෙවා ඇති ඉඩම් වල වෙළඳ පොල වටිනාකම වැඩිවීම. එවිට ඔබට එම දේපලයන් වැඩිමිලකට විකුනා ගැනීමට හැකිවනු ඇත.

නව වරිපනම් අංකයක් ඔබ ලබා ගන්නේ කෙසේද ?

අලුතින්  ඉදිකරන ලද ගොඩනැගිලි වලට සහ පැවති දේපලයන්හි අනුබෙදුම් සඳහා නව වරිපනම් අංක නිකුත් කිරීම සිදුකෙරේ. භෞතික පරික්ෂාවකින් අනතුරුව වෙනම ඒකකයක් වශයෙන් හා වෙනම ප්‍රවේශයක් සහිත (Separate unit and Separate entrance) දේපලයකට නව වරිපනම් අංක නිකුත් කෙරේ. පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය වේ.

  • වරිපනම් ලියාපදිංචි අයිතිකරු විසින් කරනු ලබන ලිඛිත ඉල්ලීම.
  • නව වරිපනම් අංක ලබා දීමේ පත්‍රිකාව. (නගර සභාව මඟින් නිකුත් කරන)
  • අදාල දේපලෙහි අයිතිය පැවරුණු ඔප්පු පිටපතක්.
  • මිනින්දෝරු සැලැස්මේ පිටපතක්. (හිස් ඉඩම්හි අනුබෙදුම් සඳහා සැලසුම් අංශයෙන් ලියාපදිංචි කළ පිඹුරු පතක් අවශ්‍ය වේ.)
  • ගොඩනැගිලි සැලැස්මේ පිටපතක්.
  • අනවසර ඉදිකිරීම් සඳහා වරිපනම් අංක නිකුත් කිරීමේදී පදිංචිය අනිවාර්ය වේ.
  • දේපල පරික්ෂා කිරීමට දිනයක් ලබා දෙන අතර, එදින එහි රැඳිසිටිය යුතුය.

(අදාල ආකෘති පත්‍රය භාගත කරන්න)


දෙහිවල ගල්කිස්ස මහ නගර බල ප්‍රදේශයේ ඉඩමක් මිළදී ගන්නට සූදානම් වන ඔබ...

සැලකිලිමත් වන්න

  • ඉඩම පර්චස් 6 (හයකට) වැඩිවිය යුතුයි.
  • ඉඩම් සැලසුම අනුමත කර තිබිය යුතුයි. (වසර 10 ක කාලයක් නොඉක්මවන)
  • සැලසුමේ සඳහන් බිම් ප්‍රමාණය භෞතිකව පවතීද යන වග.
  • සංවර්ධන කාර්යයන් සඳහා පවරා ගැනීමකට හෝ වෙන් කිරීමකට යෝජිත ඉඩමක්ද යන වග
  • කුඹුරු, ඕවිට හෝ වගුරු බිම් වලට ගැනෙන ඉඩමක් සංවර්ධනය කර පවතී නම්, ඒ සඳහා අදාල ආයතන වලින් ලබාගත් නිරවුල් සහතික පවතීද යන්න.
  • ඉඩමෙහි ස්වභාවික ජල බැස්මවල් පවතීද යන්න සහ තිබේනම් එය ප්‍රධාන ජල බැස්මකට සම්බන්ධද යන වග
  • වැසි ජලය කළමනාකරණය කර ගැනීමේ හැකියාව.
  • ඉඩමේ මායිම්වල පස්කැපීම නිසා ඇතිවූ ඝෘජු බෑවුම් තිබේද යන්න සහ යාබද ඉඩම් හිමිකරුවන්ගේ ක්‍රියාවන් හේතුවෙන් එවන් තත්ත්වයන් උද්ගතවීමේ තත්ත්වයක් පවතීද යන්න.
  • අධිබලැති විදුලි රැහැන්, විදුලි කණු, සන්නිවේදන කුළුණු ඉඩම තුල හෝ ඉඩම මතින් පවතිද යන්න.
  • ගංඟා, ඇළ මාර්ග, ගල් කඳු, ප්‍රධාන කාණු සඳහා වෙන් කර ඇති රක්ෂිත ඉඩමකට පවතීද යන්න.
  • ඉඩමෙහි ප්‍රවේශ මාර්ග භෞතිකව සකස් කර නැත්නම් බාධාවකින් තොරව සකසා ගැනීමේ ඉඩකඩ පවතීද යනවග.
  • ප්‍රවේශ මාර්ගය සඳහා වෙන්කර ඇති රක්ෂිත සැලසුම් තුල ලකුණු කර පවතීනම්, එම බිම් තීරු භෞතික වෙන්කර පවතීද යනවග.
  • ඉඩමට ප්‍රවේශය ලබා ගන්නා මාර්ගයේ අවම පළල අඩි 10 ක් විය යුතු අතර, නියමිත වාහන හැරවුම් ප්‍රවේශ පවතීද යන්න.
  • බිම් කට්ටි සඳහා ප්‍රවේශ ලබා ගන්නා මාර්ගයේ පළල බිමිකට්ටි ප්‍රමාණය අනුව නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලද යන වග.
  • අනුමත බිම් කට්ටි සැලසුමේ කොන්දේසි සඳහන් කර තිබේ නම්, ඒවා නියමිත පරිදි ඉටුකර තිබේද යන වග.
  • බිම් කට්ටි සඳහා ප්‍රවේශ ලබා ගන්නා මාර්ගයේ ප්‍රවේශ තත්ත්වයට භෞතිකව බාධා පවතීද යන්න. (උදා: විදුලි කණු, දුරකථන කණු, විශාල කළුගල්, ජල බැස්මවල්, නිවාස වල කොටස්…..)
  • අදාල දේපල සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ වරිපනම් ගාස්තු සම්පූර්ණයෙන් ගෙවා ඇත්ද යන්න.
  • එම දේපල සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ වරිපනම් ලේඛනයන් හි ලියාපදිංචිවී ඇත්තේ කාගේ නමටද යන්න.
  • පිඹුරුපතේ හා ඔප්පුවේ සඳහන් වන බිම් ප්‍රමාණය භෞතිකව පවතීද යන වග.