• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

දර්ශන පුවරු

ප්‍රදර්ශන පුවරු ගාස්තු


මහනගර සභා සීමාව තුළ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරිම සදහා බලපත්‍රයක් ලබාගත යුතු වේ.

විස්තරය

ආලෝකය රහිත ගාස්තු
(වගී අඩියකට)

ආලෝකය සහිත ගාස්තු
(වගී අඩියකට)

සාමාන්‍ය පුවරු රු. 30/= රු. 50/=
වෙළද නාම සහිත පුවරු රු.100/= රු.150/=
වගී අඩි 100 ට අඩු දැන්විම් පුවරු රු.100/= රු.150/=
LED පුවරු සදහා රු.400/=
ග්‍රැන්ටි පුවරු සදහා රු.300/= රු.500/=
පෝස්ටර් අලවන පුවරු රු.100/=


විශාල දැන්විම් පුවරු

දැන්විම් පුවරු සදහා දරා සිටිය හැකි ආකෘතියක් සකස්කළ යුතුය. (සුළගින් හා බාහිර බර දරා ගැනිමට ප්‍රමාණවත් පරිදි)

දැන්විම් පුවරු සදහා දරා සිටිය හැකි ආකෘතියක් සකස්කළ යුතුය. (සුළගින් හා බාහිර බර දරා ගැනිමට ප්‍රමාණවත් පරිදි)
මාර්ගයේ සහ මන්සන්ධි තුළ දැන්විම් පල නොකළ යුතුය.
දැන්විම් පුවරු සදහා තක්සේරු වටිනාකම අනුව වරිබපනම් බද්දක් ගෙවිය යුතුය.
පොදු ස්ථානයක සවි කරන්නේ නම් සුදුසුකම් ලත් සිවිල් / යාන්ත්‍රික /ව්‍යුහ ඉංජිනේරුවරයෙකුගේ සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
මහාමාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගයක සවි කරන්නේ නම් අදාළ අධිකාරියෙන් අවසර ලත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
දැන්විම් පුවරු ඵල කරන සියලුම නියෝජිතවරු සේවා දායකයාගේ / අයිතිකරුගේ ඉල්ලිම් ලිපියක් හෝ බලය පැවරීමේ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
කිසිදු පුද්ගලයෙකු දේපළ අයිතිකරුවන්ගේ දේපළ ඉදිරිපිට භාවිතා කිරිමේ අයිතිය අවහිර වන ලෙස ස්වභාවික ආලෝකය අවහිර වන ලෙස දැන්විම් පුවරු ඵල නොකළ යුතුය.
දැන්විම් පුවරුවේ ප්‍රදර්ශනය කරන දර්ශන සදහා නාගරික කොමසාරිස්තුමාගේ අවසරය ලබාගත යුතුය. මෙම දැන්විම් ආගමික ඇදහිලි හා විශ්වාසවලට අගෞරව වන ආකාරයෙන් හෝ සත්වයන්ට හිංසා වන ආකාරයට හෝ නිරුවත්,අඩ නිරුවත් ඡායාරූප පෙන්වන ආකාරයට සකස් නොකළ යුතුය.
කිසිදු පුද්ගලයෙකු විසින් තවත් දැන්විම් පුවරුවක් අවහිර වන පරිදි සවිකිරිම නොකළ යුතුය

දැන්විම් පුවරු අයදුම්පත්‍රය

බැනර් අයදුම්පත්‍රය