• දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  • தெஹிவளை கல்கிசை மாநகர சபை
  • Dehiwala Mount Lavinia Municipal Council

පෙර පාසැල්

හැඳින්වීම

බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි ජනතාවගේ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන පෙර පාසැල් මගින් සමාජයට යහපත් වැඩදායී පුරවැසියෙකු බිහි කිරීම මුලික අරමුණ වේ.

දරුවන්ගේ ගණිත සංකල්පමය හැකියාවන් හා භාෂා හැකියාවන් ඔප්නැංවෙන පරිදි ඔවුන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සම්පුර්ණ කරමින් නිසි පෝෂණය ලබාදෙමින් දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ වරම් භුක්තිවිදීමට සලස්වා සියළුම අවශ්‍යතා නොමිලයේ සම්පුර්ණ කිරීම අපගේ විශේෂත්වයයි.

පෙර පාසැල් ලැයිස්තුව


මේ සඳහා බල ප්‍රදේශයේ සියළුම කොට්ඨාශ ආවරණ වන පරිදි පෙර පාසැල් 14ක් පිහිටුවා ඇත.

පෙර පාසල

ලිපිනය

01. ශ්‍රී සරණංකර පෙර පාසැල සරණංකර පාර, කළුබෝවිල, දෙහිවල
02. භාතිය මාවත පෙර පාසැල භාතිය මාවත නිවාස ව්‍යාපෘතිය, කළුබෝවිල, දෙහිවල
03. ශ්‍රී සමාධි පෙර පාසැල අංක 35/1/4 , ශ්‍රී මහා විහාර පාර , කළුබෝවිල , දෙහිවල
04. උද්‍යාන පෙර පාසැල සුහද ප්‍රජාශාලාව , වනරතනාරාම පාර ,කළුබෝවිල , දෙහිවල
05. බෝගහවත්ත පාර පාසැල ග්‍රීන්ලන්ඩ් මාවත, කඩවත පාර, නැදිමාල, දෙහිවල
06. නේත්‍රා පෙර පාසැල අංක 32/110, 06 වන පටුමග, බඩෝවිට, ගල්කිස්ස
07. නෙළුම් පෙර පාසැල පීරිස් පාර, ගල්කිස්ස
08.ඥානේන්ද්‍ර පෙර පාසැල ජයවීර අනුස්මරණ ශාලාව, ශ්‍රී ඥානේන්ද්‍ර පාර, රත්මලාන
09. ශ්‍රී ධර්මපාලාරාම පෙර පාසැල අංක 16/30, ධර්මපාලාරාම පාර, ගල්කිස්ස
10. මිණිමුතු පෙර පාසැල අංක 06, හේන පාර, ගල්කිස්ස
11. සදහම් පෙර පාසැල සදහම් විහාරය, බටගල පාර, රත්මලාන
12. රත්මලාන 2 පෙර පාසැල අංක 86, ජයසූරිය අනුස්මරණ ශාලාව, ධර්මාරාම පාර, රත්මලාන
13. සඳුන් පෙර පාසැල අංක 18 , 6 වන පටුමග , බොරුපන පාර , රත්මලාන
14. රණජයගම පෙර පාසැල රණජයගම , වෛද්‍ය පාර . දෙහිවල

මෙම පෙර පාසැල් සඳහා මනා ලෙස පුහුණුව ලද ගුරුවරියන් හා සහායිකාවන් 39 දෙනෙකු සේවයේ නියුක්තව සිටි.

“හෙට ලොව ඔවුන්ගේය අපි ඔවුන්ගේ ලොව ගොඩනැගීමට කැප වන්නේමු”

 

 


 

මෙම පෙර පාසැල් ගුරුවරුන් කාලීනව පැවැත්වෙන අභ්‍යන්තර හා බාහිර පුහුණු වැඩසටහන් සඳහා සහභාගි කරවා ඇත.

 


 

2015 වර්ෂයේ පළාත්පාලන දෙපාර්තුමේන්තුව මගින් පවත්වන ලද කාර්ය සාධන තරඟයේදී බස්නාහිර පළාතේ හොඳම පෙර පාසැල ලෙස දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවට අයත් නේත්‍රා පෙර පාසැල තේරී පත් විය.

 


 

ගරු නගරාධිපතිතුමාගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ පහත පෙර පාසැල් 5ක් මේ වන විට වායු සමනය කර පවත්වාගෙන යන අතර දැඩි උණුසුම , දුහුවිල්ල හා මැසි මදුරු උවදුරෙන් දරුවන් ආරක්ෂාකර සුවපහසු තත්වයක් යටතේ ඉගෙනුමට පහසුකම් සැලසීම මෙයින් අපේකෂා කෙරේ.

1. ශ්‍රී සරණංකර පෙර පාසැල
2. ශ්‍රී ධර්මපාලාරාම පෙර පාසැල
3. නේත්‍රා පෙර පාසැල
4. ශ්‍රී සමාධි පෙර පාසැල
5. උද්‍යාන පෙර පාසැල

 


සෑම වසරකම දරුවන් 450 කට ආසන්න සංඛ්‍යාවක් පෙර පාසැල් සඳහා ඇතුළත් කරගනු ලබයි.

පෝෂණ වැඩසටහන්


ඔවුන් සඳහා පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව පහත පරිදි සතියේ දින 5 සඳහා දිවා ආහාරය නොමිලයේ ලබා දෙනු ලබයි.මේ සඳහා ගෘහ භාණ්ඩ සහිත මුළුතැන්ගෙයක් සෑම පෙර පාසැලකම ස්ථාපිත කර ඇත.

දිනය

යෝජිත කෑම වට්ටෝරුව

සඳුදා රතු කැකුළු බත් , බිත්තර , එළවළු , මැල්ලුම්
අඟහරුවාදා එළවළු බත් , කුකුල් මස්
බදාදා රතු කැකුළු බත් , බිත්තර , එළවළු , මැල්ලුම්
බ්‍රහස්පතින්දා රතු කැකුළු බත් , මාළු , පරිප්පු , මැල්ලුම්
සිකුරාදා රතු කැකුළු බත් , අල , සෝයා මීට්

 


 

මෙම ආහාර වල පෝෂණ තත්වය හා පිරිසිදුබව සොයා බැලීම සඳහා අධීක්ෂණ නිලධාරින් යොදවා ඇති අතර පෙර පාසැල් සඳහාම සෞඛ්‍ය සේවාරක්ෂක නිලධාරිනියන් සේවයේ යෙදි සිටී.

 

අනෙක් වැඩසටහන්


එසේම පෙර පාසැල් වලට ඇතුලත් වන සියළුම දරුවන් සඳහා නිල ඇඳුම් කට්ටල 2 ක් , මේස් , සපත්තු , පොත් බෑග් , පොත් , වතුර බෝතල් , යනාදිය සියළු දේ වසර ආරම්භයේ පිරිනැමෙන අතර වර්ෂය තුල පැවැත්වෙන පෙර පාසැල් උත්සව උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම ඇතුළු සියළුම වියදම් මහා නගර සභා අරමුදල මගින් සිදු කරනු ලබයි.

 


 

වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මක් හා විෂය නිර්දේශයක් යටතේ පෙර පාසැල් ක්‍රියාත්මක වන අතර අධ්‍යාපන විනෝද චාරිකාවද එයට ඇතුලත්වේ.



 


 

එසේම ධර්ම දේශනා , භක්ති ගීත , ලෝක ළමා දින සැමරුම් උත්සව ආදි බාහිර කටයුතු සඳහාද දරුවන් යොමු කරවනු ලබයි.

එසේම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රත්මලාන හා දෙහිවල නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් එක් එක් පෙර පාසැල් වල සායන පැවැත්වේ.තවද දරුවන් දන්ත සෞඛ්‍ය සායන සඳහාද යොමු කරනු ලබයි.

AMI අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීම

විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වන AMI අධ්‍යාපන අනුව අන්තර්ජාතික පාසල්වල උගන්වනු ලබන ගුරුවරුන් මගින් සියළුම පෙර පාසැල් ගුරුවරියන් පුහුණු කර දරුවන්ගේ කායික හා මානසික වර්ධනය සඳහා ක්‍රියාකාරකම් ඇතුළු වාර්ෂික වැඩ සටහනක් හඳුන්වා දීම.
මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද උපකරණ කට්ටලයක් බැගින් පෙර පාසල් සඳහා ලබාදී ඇත.

පෙර පාසැලට ඇතුලත් වීමේ සුදුසුකම්

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ පදිංචි දෙමාපියන්ගේ දරුවන් වීම
දරුවන් වයස අවුරුදු 03 සම්පුර්ණ කිරීම

පෙර පාසැලට ඇතුලත්වීමේ අයදුම්පත